ප්‍රාදේශීය ලේකම්

 

              නම

එල් එන්. පියුමලී ලියනගේ මිය

සුදුසුකම්

ආර්ථික විද්‍යා උපාධිධාරිනි, කොළඹ විශ්ව විද්‍යාලය

 
ආර්ථික විද්‍යා පශ්චාත් උපාධී, රුහුණු විශ්ව විද්‍යාලය

 

පෙර සේවා ස්ථාන
  • සහකාර ප්‍රාදේශිය ලේකම්, මාතර කඩවත්සතර

    සහකාර ප්‍රාදේශිය ලේකම්, වැලිගම

    සහකාර ප්‍රාදේශිය ලේකම්, ඉමදුව

    සහකාර ප්‍රාදේශිය ලේකම්, ගාල්ල කඩවත්සතර
  • ප්‍රාදේශිය ලේකම්, ගෝනපීනුවල
  •         ප්‍රාදේශිය ලේකම්, බෝපේ පෝද්දල

සහකාර ප්‍රාදේශීය ලේකම්

 

  නම  ලලිත් දසනායක මහතා
සුදුසුකම්

 ශ්‍රී ලංකා පරිපාලන සේවය III පන්තිය

 

පෙර සේවා ස්ථාන  හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

ගණකාධිකාරි

  නම ඒ.ජී. ටී. දිල්හානි මිය
සුුදුසුකම්
    • ශ්‍රී ලංකා ගණකාධිකරණ  සේවය (I)
පෙර සේවා ස්ථාන  

සහකාර අධ්‍යක්ෂ සැලසුම්

   නම කේ.ඒ.ඒ. චාමික මයා
සුදුසුකම්

නීතීඥ

නීතිවේදී උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය

පෙර සේවා ස්ථාන

ලාහුගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

පදියතලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය (වැ.බ.)

පරිපාලන නිලධාරි

  නම සමදරා ජයවීර මිය
සුදුසුකම් රාජ්අ‍ය කළමනාකරණ සේවය අධීශ්‍රේණිය
පෙර සේවා ස්ථාන
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ඉමදුව

පරිපාලන ග්‍රාම නිලධාරි

    නම ප්‍රමිලා වීරසිංහ මිය
සුදුසුකම්

ග්‍රාම නිලධාරි සේවය අධි ශ්‍රේණිය 

පෙර සේවා ස්ථානය
    • පරිපාලන ග්‍රාම නිලදාරි බද්දේගම ප්‍රා. ලේ. කා. 
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
නම

ඩබ්.සී රංගජීව මයා

සුදුසුකම්
පෙර සේවා ස්ථානය
අතිරේක දිස්ත්‍රි්ක් රෙජිස්ට්‍රාර්
   නම ජී.ඩබ්. කුමාර මයා
 සුදුසුකම්  
පෙර සේවා ස්ථානය  
                                              ආයතන අංශය  
 රාජ්‍ය කළමනාකරණ සහකාර            චින්තානි ජයසේකර මිය             
 රාජ්‍ය කළමනාකරණ සහකාර      උදේශිකා මධුශානි මිය

 රාජ්‍ය කළමනාකරණ සහකාර

   ජී ස්වර්ණා මිය
 රාජ්‍ය කළමනාකරණ සහකාර

චින්තානි ජයසේකර මිය
 රාජ්‍ය කළමනාකරණ සහකාර   අයි.එස්.සමරසිංහ මිය
 රාජ්‍ය කළමනාකරණ සහකාර   ජේ.ඒ. බුද්ධි ජයවර්ධන මයා
 රාජ්‍ය කළමනාකරණ සහකාර   ශිරෝමි හෛ්වාවවසම් මිය
 රාජ්‍ය කළමනාකරණ සහකාර   තනෝජා ප්‍රියදර්ශීනී මිය
 රාජ්‍ය කළමනාකරණ සහකාර   චතුරානි කෞශල්‍යා මිය
 රාජ්‍ය කළමනාකරණ සහකාර   ඉනෝකා කුමාරවඩු මිය

 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර

  කේ.එච්.ජී.ඩී. ජීවනී මිය
 සංවර්ධන නිලධාරි   කේ. ගයාන් මධුසංඛ මයා
 සංවර්ධන නිලධාරි   ඔ.කේ. නිසංසලා මිය
 සංවර්ධන නිලධාරි   එන්.වී.එස්. චමින්ද මයා
 සංවර්ධන නිලධාරි    නිමාලි ධීරසේකර මිය
  සංවර්ධන නිලධාරි    එම්.එන්. නියමතුල්ලා මයා
සංවර්ධන නිලධාරි   කේ.පී. කුමාරි මෙන්ඩිස් මිය
සංවර්ධන නිලධාරි    ග්‍රේෂෘනි හංසිකා දයාරත්න මිය
සංවර්ධන නිලධාරි    මේධා පංචනී කල්දේරා මිය
සංවර්ධන නිලධාරි    දිමුතු නිර්මලා කලන්සුරිය මිය
සංවර්ධන නිලධාරි    චාමලී අරුණශාන්ති මිය
සංවර්ධන නිලධාරි   ගංගා ශිරෝමලී මිය
සංවර්ධන නිලධාරි   මිර්ෂාඩ් හුසේන් මයා
සංවර්ධන නිලධාරි   එම්.ජී. අනුෂා බ්‍රියට් මිය
සංවර්ධන නිලධාරි   අයෝමා එරන්දි හේරත් මිය
සංවර්ධන නිලධාරි   රනිත්‍රා චන්ද්‍රෙස්කර මිය
සංවර්ධන නිලධාරි   ශාන්ති පේදුරුසිංහ මිය
සංවර්ධන නිලධාරි   මොහොමඩ් රිස්නි මයා
කා.කා.ස.   යසිරු සම්පත් අබේසේකර මයා
කා.කා.ස.   දිනේෂ් කුමාර මයා
බහුකාර්ය සහායක   සංජීව කුමාර මයා
                                    ගිණුම් අංශය    
රාජ්‍ය කළමනාකරණ සහකාර   කේ.රංගා ලසන්ති මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   ජී.වී,එස් දේශප්‍රිය මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   පෙමිලා දර්ශනී මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   සී.එස්. දන්තනාරායන ිමය
රාජ්‍ය කළමනාකරණ සහකාර   එම්.එස්.එෆ්. බුස්රා මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   ඩබ්.වී. කාංචනා ප්‍රියංගිනා මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   සුජීවා විදානගේ මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   එම්.ඒ. නුස්රත් නස්රින් මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   චතුරානි සමරසිංහ මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   සංජීවනී ලෙව්කෙබණ්ඩාර මිය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර   අයි.කේ. මුහන්දිරම්ගේ මිය
සංවර්ධන නිලධාරි   කසුනි මල්හාරි මිය
සංවර්ධන නිලධාරි   අනෝමා ප්‍රියදර්ශනී මිය
සංවර්ධන නිලධාරි   දුලීකා සකුන්තලා මිය
සංවර්ධන නිලධාරි   කාංචනා හර්ෂණී සඳමාලි මිය
සංවර්ධන නිලධාරි   සුරංගි නදීකා මිය
සංවර්ධන නිලධාරි   නිලක්ෂි ප්‍රභාෂීනී මිය
සංවර්ධන නිලධාරි   දුමින්ද කුමාර මයා 
සංවර්ධන නිලධාරි   හෙසර ගයාන් වකිගරත්න මයා 
සංවර්ධන නිලධාරි   දුලංඩි සේනාරත්න මිය
සංවර්ධන නිලධාරි   ගයත්‍රි සඳමාලි මිය
කා.කා.ස.   සම්පත් ජයසුන්දර මයා
     
                                        විශ්‍රාම වැටුප් අංශය  
විශ්‍රාම වැටුප් නිලධාරි    ප්‍රභාෂීනි ජයසුන්දර මිය
විශ්‍රාම වැටුප් නිලධාරි   සුභාෂීනී නානායක්කාර මිය
විශ්‍රාම වැටුප් නිලධාරි    කෝසලී නිලන්ති මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර    කාංචනා ජයසේන මිය
 සංවර්ධන නිලධාරි    සංජීවනි ගුණවර්ධන මිය
සංවර්ධන නිලධාරි    රුමේෂා තරංගි මිය
ලේඛන සහකාර    බුද්ධීකා ගල්හේන මිය
     
                                                     සමාජ සංවර්ධන අංශය    
රාජ්‍ය කළමනාකරණ සහකාර    නිලන්ති ප්‍රියංකා මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   චමරි නානායක්කාර මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   අයි.ජී.සී. ධම්මිනි මිය
සංවර්ධන නිලධාරි   ආර්.එල්. ලොකුනාරංගොඩ මිය
සංවර්ධන නිලධාරි   ශානිකා මධුශානි මිය
සංවර්ධන නිලධාරි   නිලුෂි සුජිකලා ද සිල්වා මිය
සංවර්ධන නිලධාරි   මාලිකා දිල්රුක්ෂි මිය
සංවර්ධන නිලධාරි   චානදී උපේක්ෂා මිය
සංවර්ධන නිලධාරි   චන්දිමා සුරංගි විජේසිංහ මිය
සංවර්ධන නිලධාරි   ශෂී රෝලන්ඩ් මිය
සංවර්ධන නිලධාරි   නයනපහන් සතිමන්ත මයා
සංවර්ධන නිලධාරි   ප්‍රභාවි අන්දරවීර මිය
සංවර්ධන නිලධාරි   නටාෂා විජේසේකර මිය
සංවර්ධන නිලධාරි   ශෂීකා රංගනී මිය
සංවර්ධන නිලධාරි   උඩුගම අස්සජි හිමි
සංවර්ධන නිලධාරි   පන්නගමුවේ පුණ්ණ හිමි
සංවර්ධන නිලධාරි   මනෝරි ද සොයිසා මිය
සංවර්ධන නිලධාරි   ඉනෝකා මුණසිංහ මිය
සංවර්ධන නිලධාරි   ශිරෝමි රූපසිංහ මිය
සංවර්ධන නිලධාරි   මනෝධ්‍යා අල්විස් මිය
     
                                                 රෙජිස්ට්‍රාර් අංශය    
රාජ්‍ය කළමනාකරණ සහකාර   සුභාෂී වනිගරත්න මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   අනෝමා අමුණුගම මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   නිරෝෂා ශ්‍යාමලී මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   මානෙල් ද සිල්වා වීරසිංහ මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   නිසංසලා කාරියවසම් මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   ලාලනී චන්ද්‍රලතා මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   චම්පා නාමලී මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   පද්මාවතී ද සිල්වා මිය
රාජ්‍ය කළමනාකරණ සහකාර   සන්ධ්‍යා කුමාරි සෙනෙවිරත්න මිය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර   බී.ජී.යු.අයි කුමාරි මිය
සංවර්ධන නිලධාරි   වාසුල කුඹාන් මයා
සංවර්ධන නිලධාරි   චම්මි නිශාදි මිය
සංවර්ධන නිලධාරි   ඉරෝෂා පුභාෂීනි මිය
සංවර්ධන නිලධාරි   ජයනි චංචලා මිය
සංවර්ධන නිලධාරි   තිලිනි චතුරංගිකා මිය
සංවර්ධන නිලධාරි   අමාලි කෝදාගොඩ මිය
     
                                                                         සංවර්ධන අංශය    
රාජ්‍ය කළඹනාකරණ සහකාර   එම්.ජී. අමරදාස මයා
රාජ්‍ය කළඹනාකරණ සහකාර   බුද්ධිනි සසිකා මිය
රාජ්‍ය කළඹනාකරණ සහකාර   ලංකා නිල්මිණී කුමාරි මිය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර   තමරා නදී කාරිය වසම් මිය
සංවර්ධන නිලදාරි   ජනිතා නිර්මාණි නල්ලපෙරුම මිය
සංවර්ධන නිලදාරි   චානිකා මධුචානි ජයනර්ධන මිය
සංවර්ධන නිලදාරි   රුවන්ති ජාගොඩ මිය
සංවර්ධන නිලදාරි   තරංගා සඳමාලි මිය
සංවර්ධන නිලදාරි   ඩයනා ගයන්ති මිය
සංවර්ධන නිලදාරි   බුද්ධික ගුණරත්න මයා
සංවර්ධන නිලදාරි   නිමාලි සාක්යා දිසානායක මිය
සංවර්ධන නිලදාරි   මදිරා හතරසිංහ මිය
සංවර්ධන නිලදාරි   ධම්මික චන්ද්‍රලාල් මයා
සංවර්ධන නිලදාරි   ලක්නයනි ගුණරත්න මිය
සංවර්ධන නිලදාරි   සංජය ද සිල්වා මයා
සංවර්ධන නිලදාරි   චන්දිමා ගල්මන්ගොඩ ගුරුගේ මිය
සංවර්ධන නිලදාරි   දේවිනා හර්ෂණී රත්නායක මිය
සංවර්ධන නිලදාරි   උදානි දිලුනිකා මිය
සංවර්ධන නිලදාරි   අයේෂා නිල්මිණි මිය
සංවර්ධන නිලදාරි   සන්ධ්‍යා සාමලී පතිරණ මිය
සංවර්ධන නිලදාරි   චමිලා සල්වතුර මිය
සංවර්ධන නිලදාරි   තරුෂි රැවන්දිකා මිය
සංවර්ධන නිලදාරි   චාන්දනී විජේසිංහ මිය
සංවර්ධන නිලදාරි   ඔමේෂා ජයමිණි විදානපතිරණ මිය
සංවර්ධන නිලදාරි   චාන්දනී  ප්‍රේ්මරත්න මිය
සංවර්ධන නිලදාරි   මනෝරි අනුරාධා කාරියවසම් මිය
සංවර්ධන නිලදාරි   එරන්දි මිහිෂානි මිය
සංවර්ධන නිලදාරි   ගයනි මනෝහරී මිය
සංවර්ධන නිලදාරි   තුෂාරි නල්ලපෙරුම මිය
සංවර්ධන නිලදාරි   නිරෝෂා සමරසිංහ මිය
සංවර්ධන නිලදාරි   එස්.එස්. නාලියගමගේ මිය
සංවර්ධන නිලදාරි   ප්‍රභාත් දුමින්ද මයා
සංවර්ධන නිලදාරි   නදීෂා නිශාන්ති මිය
 

ඉඩම් අංශය

රාජ්‍ය කලමනාකරණ සහකාර   ඒ.පී. ඉන්ද්‍රානි මිය
රාජ්‍ය කලමනාකරණ සහකාර                      නිමාලි කුලසේකර මිය
රාජ්‍ය කලමනාකරණ සහකාර   කේ.ජී.එච්.ඩී. රේණුකා මිය
රාජ්‍ය කලමනාකරණ සහකාර   ඊෂා එදිරිසිංහ මිය
සංවර්ධන නිලධාරි   රමණී මානවඩු මිය
සංවර්ධන නිලධාරි   ඉනෝජා බාලසූරිය මිය
සංවර්ධන නිලධාරි    කාංචනා මංචනායක මිය
සංවර්ධන නිලධාරි   චමිලා හේමාලි ගංගේ මිය
සංවර්ධන නිලධාරි    ධනුෂ්කා සුදර්ශනී මිය
සංවර්ධන නිලධාරි   අචලා සුදර්ශනී මිය
සංවර්ධන නිලධාරි   ලක්මාලි අභයවර්ධන මිය
සංවර්ධන නිලධාරි
  තනුෂා කාවින්දි ද සිල්වා මිය
සංවර්ධන නිලධාරි   සුමුදු කාංචනා මිය
සංවර්ධන නිලධාරි   තරංගා සේනානි ද සිල්වා මිය
ඉඩම් නිලධාරි   කමල් චමින්ද කිත්සිරි මයා
ජනපද නිලධාරි   බෙනිකා අසන්ති අතපත්තු මිය
කා.කා.ස.   ශ්‍රියානි ගල්හේන මිය
 

ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්

96 - කුඹල්වැල්ල (දකුණ)   ඩබ්.ඩබ්. නිශා වෛද්‍යරත්න මිය
රාජ්‍ය කලමනාකරණ සහකාර                      නිමාලි කුලසේකර මිය
රාජ්‍ය කලමනාකරණ සහකාර   කේ.ජී.එච්.ඩී. රේණුකා මිය
රාජ්‍ය කලමනාකරණ සහකාර   ඊෂා එදිරිසිංහ මිය
සංවර්ධන නිලධාරි   රමණී මානවඩු මිය
සංවර්ධන නිලධාරි   ඉනෝජා බාලසූරිය මිය
සංවර්ධන නිලධාරි    කාංචනා මංචනායක මිය
සංවර්ධන නිලධාරි   චමිලා හේමාලි ගංගේ මිය
සංවර්ධන නිලධාරි    ධනුෂ්කා සුදර්ශනී මිය
සංවර්ධන නිලධාරි   අචලා සුදර්ශනී මිය
සංවර්ධන නිලධාරි   ලක්මාලි අභයවර්ධන මිය
සංවර්ධන නිලධාරි
  තනුෂා කාවින්දි ද සිල්වා මිය
සංවර්ධන නිලධාරි   සුමුදු කාංචනා මිය
සංවර්ධන නිලධාරි   තරංගා සේනානි ද සිල්වා මිය
ඉඩම් නිලධාරි   කමල් චමින්ද කිත්සිරි මයා
ජනපද නිලධාරි   බෙනිකා අසන්ති අතපත්තු මිය
කා.කා.ස.   ශ්‍රියානි ගල්හේන මිය

 

 

අපගේ දැක්ම

"ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව සඳහා විශිෂ්ට හා කාර්යක්ෂම සේවාවක් සැපයීම"

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"
 
OFFICE

විකාශනය

ලන්දේසි යුගයේ සිට ගාල්ල ප්‍රදේශයට දොරටු 04කින් මහජනයාගෙන් බදු මුදල් අයකර ඇතුල් කර ඇති අතර, එම ස්ථානයන් වූයේ ගිංතොට පාලම, කඩවත්ත පාලම(රූමස්සලඅසල) බටදූව, කඩවැද්දුව (වර්තමානයේ බටුවන්තුඩාව) යන ස්ථානයි. මෙවන් දොරටු හතරකින් ඇතුළත් වූ නිසා මෙම ප්‍රදේශය කඩවත් සතර නම් වූ බව ජනප්‍රවාදයේ එයි.  ලන්දේසි යුගයේ ‍ග්‍රැව‍ටෝ නමින්ද හැඳින්වූ මෙය ඉංග්‍රීසියෙන් ග්‍රැවේට්ස් වශයෙන් භාවිතා කර ඇත. ගාල්ල කඩවත් සතර ලෙස භාවිතයට ගෙන ඇත්තේ එලෙස විකාශනය වෙමිනි.

උප දිසාපති කාර්යාලයක් ලෙස ගාල්ල කොටුව ඊකෝට්ස් ගොඩනැගිල්ලේත්, 1992.11.30 දින ගැසට් නිවේදනය අනුව ගාල්ල පැරණී කච්චේරි ගොඩනැගිල්ලේත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස ස්ථාන ගත කරන ලදි. අනතුරුව 2004 දෙසැම්බර් මස 26 වන දින ඇති වූ සුනාමි ව්‍යසනයෙන් කාර්යාලය හානියට පත්විය. ඉන්අනතුරුව එම ස්ථානයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පළමු මහලට රැගෙන‍ යන ලදි.  පසුව 2009 වර්ෂයේ නව සිව් මහල් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කල අතර, වර්තමානයේ එම ස්ථානයේ කාර්යාල කටයුතු පවත්වා ගෙන යයි.

ගාල්ල නගරයේ ඉතිහාසය

ගාල්ල ප්‍රදේශයේත් ගාල්ල නගරයත් වඩා ප්‍රචලිත වූයේ ගාල්ල කොටුව නිසාය.  යමෙකු ගාල්ලට යන්නේ නම් ඔහුගේ අවධානය කැමැත්ත සහ මනාපය නිතැතින්ම යොමුවන ස්ථානයකි ගාලු කොටුව.  එය දකුණේ උරුමයකි, ගාල්ලට ආඩම්බරයකි, ආභරණයකි. ගාලු කොටු දොරකඩෙන් කොටුව තුලට ඇතුල් වන්නකුට ඉතිහාසය පොතේ හමුවන පැරණි යුරෝපීය බලකොටු නගරයක සිරිය දැක ගත හැකි වනු ඇත.


ගාලු කොටුව ප්‍රථමයෙන් ගොඩ නංවන ලද්දේ පෘතුගීසින් විසිනි.  එය මුරකුටි තුනකින් යුක්ත වූ කුඩා බල කොටුවකි. පෘතුගීසින් එහි වෙසෙමින් කන්ද උඩරට සමඟ වෙළඳ ගනුදෙනු වල නියැලුණෝය.  පසුව පැමිණි ලන්දේසීන් විසින් පෘතුගීසීන් පලවා හැර ගාලු කොටුව අත්පත් කර ගන්නා ලදී.


අංග සම්පූර්ණ බලකොටුවක් ලෙසට  එය වර්ධනය වූයේ ලන්දේසීන්ගේ කාලයේදීය. කොටු බැම්ම බැඳ ඇත්තේ විශාල කළුගල් කුට්ටි වලිනි.  එහි උස අඩි පනහේ සිට හැත්තෑව දක්වා වේ. බැම්මේ පළල අඩි පනහකි.  ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසටත් අනෙක් දොරටුව උතුරු දෙසටත් පිහිටා ඇත.  නැගෙනහිර දෙසින් වත්මන් ගාලු නගරයට මුහුණ ලා පිහිටියද අනෙක් පැති වලින් කොටුව වටේටම ඇත්තේ ඉන්දියන් සයුරේ අපේ වෙරළය.


දිවයිනේ ඇති අනෙක් කොටු වලට වඩා ගාලු කොටුව ප්‍රමාණයෙන් විශාලය. වපසරිය අක්කර අනූ හයකි. බැම්මේ සම්පූර්ණ දිග සැතපුම් දෙකකි.  1974 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මැනුමකට අනුව නගරය දෙපසට වන්නට තිබී ඇත්තේ වගුරු බිමකි.  අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය බවට පත්ව ඇත්තේ එම ප්‍රදේශය විය යුතුය.  කොටු බැම්ම මත සාදා තිබූ මුරකුටි බොහෝමයකි. ඒවා ZWART BASTION (සැවර්ට බැස්ටියන්) UTRECT BASTION (යුට්රව් බැස්ටියන්) TRITON BASTION (ට්‍රයිටන් බැස්ටියන්) NEPTUNE BASTION (නෙප්චූන් බැස්ටියන්) CLIPPEN BERG BASTION (ක්ලිපන් බර්ග් බැස්ටියන්) AEOLUS BASTION (එළියස් බැස්ටියන්) STAR BASTION (ස්ටාර් බැස්ටියන්) SUN BASTION (සන් බැස්ටියන්) AURORA BASTION (අව් රෝරා බැස්ටියන්) ආදී ලෙස හැඳින්විය. 

මෙම මුර කුටිවල එකල  සතුරු අ‍ාක්‍රමණ වලට මුහුණ දීම සඳහා දිවා රාත්‍රී දෙකේ මුර සෙබළුන් රඳවා තබන්නට ඇත.

කොටුවේ පළමුවැනි පාළකයා “ අද්මිරාල් කොස්ට්‍රල්” නම් විය.  දිවයිනේ ප්‍රථම ප්‍රදිපාගාරය තනා තිබුණේද කොටුව තුළ ය.  එය තිබී ඇත්තේ FLAG ROCK BASTION නම් ස්ථානයේය.  පසු කලෙක එය විනාශ වී ගොස් ඇති අතර, දැනට ඇති ප්‍රදීපාගාරය 1930 දි පමණ සාදන ලද්දකි. MOON BASTION මුර අට්ටාලය තිබුණු ස්ථානයේ පසු කලෙක ගාලු කොටුව මතින් යෝදයකු සේ නැගී සිටින ඔරලෝසු කණුව සාදා ඇත.


ගාලු කොටුවේ පරිමාණුකූල කුඩා සැළසුමක් දැනට කොටුව තුළ ඇති ජාතික කෞතුකාගාර ගාල්ල ප්‍රදර්ශන ශාලාවේ ඇත.  එය නැරඹීමෙන් කොටුව හා එහි සැළැස්ම පිළිබඳව යමෙකුට අවබෝධයක් ලබා ගත හැකිය.


ලන්දේසීන් විසින් පෘතුගීසීන් පලවා හරින ලද්දේ කුමන ආකාරයට ද  එළෙස ම පසුකලෙක ඉංග්‍රීසීන් විසින් ලන්දේසීන් පලවා හැර ගාලු කොටුව අත්පත් කර ගන්නාලදී. එහෙත් ඉංග්‍රීසීහු ලන්දේසීන්ගේ ගෘහ නිර්මාණ ලක්ෂණ ඇති ගොඩනැගිලි එලෙසම තිබෙන්නට හැර ඒවායෙන් ප්‍රයෝජන ගත්තෝය.

ඊසාන දෙසින් ඇති දොරටුවේ උඩින් V:O:C (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE) ලකුණ තවම දැකිය හැකිය.  මෙම ලකුණ 1669 දී සකස් කරන ලද බව එහි සඳහන් වේ. ඊසානදිග දොරටුවෙන් කොටුව තුලට පිවිසෙන්නකුට කොටුවට ඇතුළු වූ විගස ආපසු හැරී දොරටුවට ඉහලින් බැම්ම දෙස බැලුව හොත් ඒ මත ඇති මෙම ලකුණ දැකිය හැකිය.  එමෙන්ම මෙම දොරටුවෙන් ඇතුල් වීමට ප්‍රථම කොටුවේ පිටත සිට දොරටුව ඉහල බලන්නෙකුට ඉංග්‍රීසින් විසින් මූර්තිමත් කරන ලද ඔවුන්ගේ ‍ලාංඡනය දැකිය හැකිය.  ලන්දේසීන්ගේ හා ඉංග්‍රීසීන්ගේ ලකුණු එකම ස්ථානයක දි දැකිය හැකි ස්ථානයක් ලෙස ගාලු කොටුවේ මෙම ස්ථානය හැදින්වේ.


එහෙත් මේ පිළිබඳව ඇම්.ඩි. ලාල්චන්ද්‍ර මහතාගේ අධ්‍යයනයක දී ඔහු බැස ගත් තීරණය මෙසේය.  ලන්දේසීන්ගේ  V:O:C ලාංඡනය ඉංග්‍රීසීන් විසින් කොටුව අල්ලා ගැනීමට ප්‍රථම තිබෙන්නට ඇත්තේ දැන් ඉංග්‍රීසීන්ගේ ලාංඡනය ඇති ස්ථානයේ විය යුතුය.  බලය අල්ලා ගැනිමෙන් පසුව ඉංග්‍රීසීන් විසින් එම ලාංඡනය ගලවා ඉංග්‍රීසීන්ගේ ලාංඡනය එම ඉඩෙහි මූර්තිමත් කරන්නට ඇත. ගලවා ඉවත් කරන ලද ලන්දේසි ලාංඡනය කොටු දොරටුවේ ඇතුල් බැම්මේ ඉහලින් සවි කරන්නට ඇත.   එය නොවැදගත් ස්ථානයකි. මේසා නිර්මාණාත්මක සුවිසල් කොටුවක් නිර්මාණය කළ ලන්දේසීන් විසින් තමන්ගේ අනන්‍යතාවය මෙවැනි ස්ථානයක ඉදි කරන්නට ඇතැයි සිතිය හැකිනොවේ.  දැනට කොටුව තුල ඇති ලන්දේසි ගොඩනැගිලි අතරින් පැරණි රෝහලක් වන කච්චේරිය, අධිකරණ ගොඩනැගිලි, හෝටල්, කෞතුකාගාර ගොඩනැගිල්ල හා ඕලන්ද පල්ලිය වඩා වැදගත් ගොඩනැගිලි  වේ.


යම් අයෙකුට ලන්දේසීන්ගේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අධ්‍යනය කිරිමටත්, ඒවායේ ඇති දෑ බලා ගැනීමටත් අවශ්‍ය නම් යා යුත්තේ ගාලු කොටුව වෙතය.  ගාලු කොටුව තුළ ඇති පාරවල් කොටු රූල් කොළයකට සමානය.  ලන්දේසීන් විසින් සාදන ලද පාරවල් අතරින් LEYN BANN STREET (ලේන් බාන් වීදිය ) LIGHT HOUSE STREET (ප්‍රදීපාගාර විදිය) PEDLER STREET(පෙඩ්ලර් විදිය) ප්‍රධාන වේ.  මෙ‍හි සියලුම වීදි දෙපස ගොඩනැගිලි ඉදිකර ඇත.  එහෙත් දෙපස කානු දක්නට නොමැත.  නිවෙස්වල අපද්‍රව්‍ය සමඟ පාරට එකතු වන වැසි ජලය පාර මැද ඇති කුහරයකින් පොළොව ඇතුළට ගිලී යයි.  පාර මැදට වන්නට දිගටම පොළොව යටින් අපද්‍රව්‍ය ගෙනයන කානු පද්ධතියකි.  එය මුහුද දක්වා දිව යයි.  මුහුදේ රළ වෙරළට වැදී ආපසු මුහුදට ඇදී යාමත් සමඟම කානුවල ඇති අපද්‍රව්‍ය ද ඒ සමඟ ඇදී යන ආකාරයට මෙම බැහැර කිරිම් සකස් කර තිබී ඇත.  මෙය ආයාසයකින් තොරව ස්වාභාවිකව අපද්‍රව්‍ය බැහැර කිරිමට පරිසර ශක්තිය උපයෝගී කරගත් අවස්ථාවකි.


දිවයිනේ ධනවත් ගෙවල්වල ආවේනික අංගයක් බවට පත් වූ මැද මිදුල් ක්‍රමය සහ සඳළුතල සකස් කිරිමේ ක්‍රමය ගාල්ල කොටුව ඇතුළත ඉදිවු ගෘහයන්ගෙන් ආරම්භ ව්‍යාප්ත වූවකි.  ආරුක්කු සහිත දොරටු යෙදිම ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂ ලක්ෂණයක් වේ.  ගාලු කොටුවට ආවේනික වූ ලක්ෂණ සහ ඵෙතිහාසික කරුණු රැකෙන පරිදි කටයුතු කිරිමට බොහෝ වැඩ පිළිවෙළවල් දියත් වේ.  එය අගය කළ යුතුය.  විශේෂයෙන් ම එකල ඕලන්දය වූ දැන් නෙදර්ලන්තයෙන් ලැබෙන අනුග්‍රහය හා අවධානය වටිනාකමක් ඇත්තකි.  දැනට පිහිටුවා ඇති ගාලු උරුමය පදනම ද බොහෝ වැඩ පිළිවෙලවලට දායක වෙමින් සිටින අතර, කොටුව ඇතුළත පිහිටි කාර්යාල සඳහා විකල්ප ගොඩනැගිල්ලක් ලෙස දුම්රිය ස්ථානය අසල රජයේ කාර්යාල සංකීර්ණය ඉදිකිරීම නිසා කොටුව ඇතුළත කලබලකාරී ගතිය මඳක් අඩුවී ඇත.

1972 දී යුනෙස්කෝ සංවිධානය ස්ථිර කරගත් පරිදි ජගත් උරුමයන් සුරැකීමේ සම්මුතිය ආරම්භ කරන ලදි.  මෙහි ලේඛන ගත කොට ඇති රටවල් අසූවක සංස්කෘතික උරුමයන් සංඛ්‍යාව තුන්සිය අසූවකි.  ගාල්ල පැරණි නගරය හා බලකොටුව ඉන් එකකි.


ආශ්‍රිත ලේඛන - ගාලු පුරවරය.
ඇම්.ඩි. ලාල්චන්ද්‍ර
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

‍කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨෘශයේ සංස්කෘතික පසුබිම

ගාල්ල නගරය කොළඹ සිට කි.මී.116 ක් දුරින් ශ්‍රී ලංකාවේ නිරිත දිග පෙදෙසෙහි මුහුදබඩ දෙසට විහිදී ගිය බිම් කොටසක පිහිටා ඇති මෙම නගරය මයුර, තිසර, පරවි, කෝකිල යන සංදේශ කාව්‍ය කරුවන්ගේද වර්ණනාවට පාත්‍රවී ඇත. ක්‍රි.ව.1325-1354 අතරකාලයෙහි ලංකාවේ සංචාරය කල ඉබන් බතූතා ගාල්ල සඳහන් කර ඇත්තේ කාලි යනුවෙනි.  ගාල්ලෙන් හමුවූ ප්‍රධානතම සිහිවටනය චීන, අරාබි, දෙමළ යන භාෂා තුනෙන්ම ලියන ලද ත්‍රී භාෂා සෙල්ලිපියයි. මෙම සෙල් ලිපිය 1911 දී වොඩ්ලින් මහතා ගාල්ලේ ක්‍රිප්ස් පාරේ බෝක්කුවකට සවිකර තිබී සොයා ගන්නා ලදි. ගාලු නගරයේ වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් හයහමාරක් වේ. ක්‍රි.ව.1505 දී දිය සැඩ සුළඟට හසුවීම නිසා අහම්බෙන් ගාල්ලට ළං වූ ලොරෙන්සෝද අල්මේදා කුකුළාගේ හඬ අසා “ගාලො, ගාලෝ” යැයි කීම හේතුවෙන් මෙම නගරය ගාල්ල වී යැයිද මතයකි. එසේම ගාල්ලේ කොටු පවුර, පල්ලිය වැනි ප්‍රධාන ස්ථාන කිහිපයක කුකුළාගේ සළකුණ ‍යොදා ඇත.  එහෙත් තිසර, මයුර යන මේ හෙළ අවධියේ සංදේශවලද මෙය ගාල්ල නමින් සඳහන්ව ඇත.  අනුරාධපුර අවධිය පටන් කෝට්ටේ අවධිය තෙක්ම ගාල්ල ‍ඇතුන්, අසුන් පිට හා ගොන් කරත්ත වලින්ද ගමන් ගියවුනට විශ්‍රාම ගැනීමේ ස්ථානයක් වී ඇත. එසේ ගමන් ගිය රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවකාදීන්ට අයත් ඇතුන්, අසුන්, ගවයින් ගාල්කර තැබීමට අවශ්‍ය ගාල් පහසුකම් සැපයීම නිසා “ගාල්” යන ශබ්දයෙන්ම ගාල්ල යන නාමය ඇතිවූ බවද ඇතමුන්ගේ මතයයි.

ගාල්ල පුරාණයේ සිටම ප්‍රසිද්ධව තිබුණේ නගරයක් ලෙස නොව වරායක් ලෙසටය. 1587 පෘතුගීසීන් විසින් මෙම ප්‍රදේශය අල්ලා ගැනීමෙන් පසු ඔවුන් විසින් එහි කොටුවක් බැන්ද වූ බව සඳහන් වේ.  ඔවුන් විසින් එම කොටුව තාවකාලිකව ගොඩනගා ගත් අතර 1619 දී එය ස්ථිරව සාදා ඇත. මෙම කොටුව ගාල්ල නගරයේ ඉතා වැදගත් ස්ථානයක් ගනී. මෙය පෘතුගීසීන් විසින් ඉදිකරන ලද ආරක්ෂිත බල කොටුවකි.

ගාල්ල කොට්ඨාශයේ සංස්කෘතික පසුබිම පිළිබඳ කතා කරන විට පැරණි විහාරස්ථාන ප්‍රධානතැනක් ගනී. ගාල්ල තුවක්කුගල පුරාණ විහාරස්ථානය ආරම්භය පිළිබඳව නිශ්චිතව සාධක නොමැති නමුත් පෘතිගීසි අවධියට පෙර පිහිටුවන්නට ඇතැයි අනුමාන කරයි. මෙම ස්ථානය පෘතුගීසීන්ගේ මුරපොළක් වශයෙන් භාවිතා වී ඇත. මෙම විහාරස්ථානයේ ගල් පර්වතය මත තුවක්කුවක හැඩය ගත් ලාංඡනයක් ඇති නිසා  මේ නමින් හැඳින්වේ.  මෙම ගල් පර්වතයත් රූමස්සල කන්දත් අතර රහස් උමඟක් තිබූ බවට ජනප්‍රවාදයක් පවතී. මිනුවන්ගොඩ ශ්‍රී පරමානන්දරන් මහා විහාරයද සංස්කෘතිකමය වශයෙන් වටිනාකමක් විදහාපායි. මෙම විහාරස්ථානය ක්‍රි.ව.1824 වර්ෂයේදී පමණ ආරම්භ වන්නට ඇතැයිවිශ්වාස කරයි.  අමරපුර සිරිසද්ධම්ම වාස මහා නිකාය‍‍ට අයත් මෙම විහාරස්ථානයේ පිහිටි පැරණි ධර්ම ශාලාව, පැරණ අටපට්ටම් විහාර ගෙය හා පැරණි දාගැබ පුරාවිද්‍යා ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත.  පැරණි බිතිසිතුවම් හා ලෝකඩ ප්‍රතිමාද මෙම විහාරස්ථානයේ පෞරාණිකත්වයට සාධක වේ.

වැලිවත්ත විජයානන්ද විහාරස්ථානය 1880 දී කර්නල් ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට පැමිණීමෙන් පසුව පන්සිල් සමාදන්වීම හා ලංකාවේ ප්‍රථම දහම් පාසල පිහිටුවා ඇත්තේද මෛ විහාරස්ථානයේදීය.

බෝගහගොඩැල්ල ශ්‍රී සුදර්ශන පරමානන්ද පුරාණ විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයට අයත් විහාරස්ථානයකි.  නුවර යුගයට අයත් බිතුසිතුවම් හා ප්‍රතිමා වලින් යුක්තවේ.  විහාරගෙය 18 රියන් සැතපෙන පිළිමය හා විශ්ණු නාථ ප්‍රතිමා නිර්මාණය කර ඇත.  විහාරස්ථානයේ පොහොය ගෙය ක්‍රි.ව. 1752 දී නිර්මාණය කරන ලද්දකි.

දඩල්ල වාලුකාරාමය අමරපුර නිකායේ මූලස්ථානය ලෙස සැලකේ. මෙම විහාරය සියම් රටින් උපසම්පදාව ගෙනඒමේ කාර්යය අතින්ද මහත් වටිනාකමක් උසුලයි. ක්‍රි.ව. 1790 දීපමණ ඉදිකරන ලද මෛ විහාරස්ථානය පැරණි දාගැබ, බුරුම සම්ප්‍රදායේ දෙමහල් සංඝාවාසය පහත රට මුල්ම අමරපුර පොහොය සීමා මාලකය ආදී පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්වූ ස්මාරක වලින්ද සමන්විතය.

කළුවැල්ල ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරය ක්‍රි.ව.1862 ඉදිකරන ලද දාගැබ ද අවුරුදු 200 කට වඩා පැරණි බෝධි වෘක්ෂයද පැරණි ආවා‍ස ගෙය පුරාවිද්‍යා ස්මාරක ලෙස නම්කර ඇත.

ගාල්ල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශය තුල හින්දු කෝවිල් 02 ක් පිහිටා ඇත. එනම් මීනාච්චි සුන්දේශ්වර කෝවිල හා ශ්‍රී කදිරේශන් කෝවිල කළුවැල්ල ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටා ඇත.

සුන්දේශ්වර කෝවිල ඊශ්වර දෙවියන් සඳහා පුද පූජා පවත්වයි.  මීට අමතරව දඩල්ල තිඹිරිගහ කෝවිල කලක් ද්‍රවිඩවන් අතට පත්ව තිබූ කෝවිලක් බව කියවේ.  අද මෙය අම්පිටියක් හා හාස්කම් ඇති දේවස්ථානයකින් යුතු රූස්ස තිඹිරිගෙයක්  මැදි කොට පිහිටි කෝවිල් භූමිය නිසාම තිඹිරිගහ කෝවිල ලෙස හඳුන්වන්නට විය.

මෙම කොට්ඨාශයේ සංස්කෘතික පසුබිම ගැන කථා කිරීමේදී මුස්ලිම් පල්ලි පිළිබඳව අමතකකල නොහැක. මෙහිදී කච්චිවත්ත මුස්ලිම්ය, චීනකොරටුව මුස්ලිම් පල්ලිය‍ ‍ඓතිහාසික පසුබිමක් පවත්නා පල්ලි වේ.

ප්‍රදේශයට සුවිශේෂ අංග වශයෙන් රේන්ද කලාව කැස්බ ලෙලි හා කැටයම් කලාව ප්‍රසිද්ධියක් කලාව උසුලයි. එමෙන්ම පහතරට නැටුම් කලාව (බලි තොවිල්) සම්බන්ධව මෙම කොට්ඨාශය ප්‍රධාන තැනක් ගනී.

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල

ගාල්ල විජයානන්ද දහම් පාසල

1180 මැයි 19 වෙනි දින සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාත් එච්.පී.බ්ලැවැට්ස්කි මැතිනියත් විහාරාධිපතිව වැඩ විසූ අක්මීමණ ධම්මාරාම ස්වාමීන්ද්‍රයන් වෙතින් තිසරණ පන්සිල් සමාදන් වීමෙන් බුද්ධාගම වැළඳගෙන ඇත.

ඉන්පසු 1895 අගෝස්තු 03 වන දින ඕල්කට්තුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ ඇහැලේපොල ජිනෝරස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වය ඇතිව ලංකාවේ ප්‍රථම දහම් පාසල ලෙස විජයානන්ද දහම් පාසල ආරම්භ කරන ලදි. දහම් පාසල ආරම්භ කරන විට සිසුන් 15 දෙනෙකු හා ගුර‍ැ භවතුන් 04 දෙනෙකුගෙන් සමන්විත විය. මෙතැන් සිට ලංකාව පුරා ඉර‍ැ දින දහම් පාසල් ආරම්භව ඉතා සාර්ථකව පවත්වා ගෙන යනු ලබයි

කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

ප්‍රාදේශීය ලේකම් වරයාගේ නම

වර්ෂය

   

01

එච්.එල්.ගුණවර්ධන මහතා

 

   

02

එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතා

 

   

03

ලාල් සමරසේකර මහතා

 

2010 සිට 2012

   

04

අනූෂා බටවලගමගේ මහත්මිය

 

2012 සිට 2014

   

05

ඩබ්.එස්. සත්‍යානන්ද මහතා

 

2014 සිට 2018

   
06

හිමාලි රත්නවීර මිය

 

2018 සිට 2022    
07

අයි.එස්. සමරකෝන් මයා

 

2022 සිට 2025    
08

එල්.එන්. පියුමලී ලියනගේ මිය

 

2025 සිට මේ දක්වා    
 

2018 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 02 02 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 44 44 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 02 -      
විශ්‍රාම වැටුප් නිලධාරී 03 03 - - -
භාෂා පරිවර්තක 01 01 - - - -
පිළිගැනීමේ නිලධාරී 01 01 - - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 09 09 -      

ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්

තනතුර

මධ්‍යම රජය

පුරප්පාඩු

පළාත් සභා

පුරප්පාඩු

අනුමත

දැනට සිටින

අනුමත

දැනට සිටින

ග්‍රාම නිලධාරී

50

41

09

සමාජ සේවා නිලධාරීන්

01

-

1

ග්‍රාම සංවර්ධන නිලධාරීන්

01

01

-

01

01

-

ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී

01

01

-

විද්‍යා හා තාක්ෂණ නිලධාරී

01

01

-

මානව සම්පත් සංවර්ධන සහකාර

01

01

-

මුල් ළමාවිය සංවර්ධන සහකාර

01

01

-

සංස්කෘතික නිලධාරී

01

01

-

සමාජ සංවර්ධන සහකාර

02

02

-

බෞද්ධ කටයුතු සමායෝජක

02  02 

උපදේශන සහකාර

02

02

-

කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සහකාර

01

01

-

ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර

01

01

-

වනිතා සංවර්ධන නිලධාරී

01

01

-

මිනින්දෝරු

01

01

-

ක්‍රීඩා නිලධාරී

01

01

ජනපද නිලධාරී

01

01

-

සංවර්ධන සම්බන්ධීකාරක

01

01

-

කාර්මික නිලධාරී

02

02

03

03

-

මැහුම් උපදේශිකා

01  01 

සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර

01

01

-

සංවර්ධන නිලධාරී

01

01

-

ඉඩම් පරිහරණ සැලසුම් සහකාර

92

01 

විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්)

01

01

-

ආයුර්වේද වෛද්‍ය නිලධාරී

01

01

-

ආපදා කළමණාකරන නිලධාරී

01

01

-

Scroll To Top