- Details
කාන්තා ව්යවසාය නැංවීම තුළින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරලීම වෙනුවෙන් ගාල්ල කඩවත්සතර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්තා බල මණ්ඩලය මගින් හෙළ ආහාර සැකසුම් මධ්යස්ථානයක් බටගන්විල දී, (දංගෙදර බටහිර) 2023 සැප්තැම්බර් මස 20 වන දින විවෘත කිරීම සිදු විය.
ගාල්ල අතිරේක දිස්ත්රික් ලේකම්තුමිය මේ සඳහා සියලු සම්බන්ධිකරණ කටයුතු මෙහෙයවමින් ඊට අවශ්ය නිවැරදි නායකත්වය සැපයීම සිදු කරන ලදී.
වනිතා සංවර්ධන නිලධාරී කාංචනා මාපලගම මහත්මියගේ මගපෙන්වීම අනුව යමින් මෙම කටයුතු මැනවින් සංවිධානය හා මෙහෙයවීම සිදු විය...
- Details
ගාල්ල කඩවත්සතර ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් වෙනුවෙන් Digital Marketing සම්බන්ධ වැඩමුළුවක් පසුගියදා ජෙනෙසිස් සොෆ්ට්වෙයාර් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්රහයෙන් එම ආයතනයේ දී පැවැත්විණි. “Smart Skills 2023 -ජීවිතයට තොරතුරු තාක්ෂණය” වැඩසටහන යටතේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නිලධාරින් 10 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගි කරනලදී.
ආයතනික කටයුතුවලදී මෙන් ම පුද්ගලික ජීවිතයේ දී Digital Marketing දැනුම භාවිතා කිරීම සම්බන්ධයෙන් අවශ්ය දැනුම මෙහිදී ලබා දෙන ලදී.
ප්රාදේශිය ලේකම් අයි.එස්. සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි සහකාර ප්රාදේශීය ලේකම් පසිඳු ලක්රුවන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කළ ඉහත වැඩසටහන සඳහා පරිපාලන නිලධාරි ඩී.ටී. දොඩම්පේගම මහත්මියගේ පූර්ණ සහයෝගය ද ඉහත කණ්ඩායම වෙත ලැබුණි.
උපලක්ෂි කොඩිතුවක්කු මෙනවිය මෙම වැඩසටහනේ සම්පත් දායකයා වශයෙන් සහභාගි වූ අතර, ජෙනෙසිස් සොෆ්ට්වෙයාර් පුද්ගලික සමාගමේ ප්රධාන විධායක නිලධාරි සේනක වීරසූරිය, වැඩසටහන් නිෂ්පාදන කළමනාකරු චමේන්ද්ර පෙරේරා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම වැඩසටහන මනාව සංවිධානය කර තිබුණි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර එම්.එල්.ආර්. ජානකී මහත්මිය මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.
- Details

The Ministry of Home Affairs has planned all activities to be done in conjunction with the "e-Grama Niladhari" project at the level of Grama Niladhari division with the aim of providing you with an efficient public service. Through this, the current information gap will be reduced and the existing obstacles to provide benefits to the public from the development programs implemented by the government will be removed Under this project, the government hopes to create an environment in which the public's rights will be protected and free from the various irregularities faced by the public in obtaining public services.Accordingly, in the near future you and your family members will have the opportunity to get many government services online without meeting Grama Niladhari. Therefore, it is your responsibility to provide the maximum support required for a more effective cooperative public service.For that, an authorized officer of the Galle Kadawatsatara Divisional Secretariat or the local village official will visit your home on several occasions and give more details about the project and get the necessary information from this data system.So, give your full support to the national program of household and citizen data collection of "e-Grama Niladhari" project to win you and lead the country to victory.















