හෙළ බොජුන්හල දැන් බටගන්විල දී
 
කාන්තා ව්යවසාය නැංවීම තුළින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරලීම වෙනුවෙන් ගාල්ල කඩවත්සතර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්තා බල මණ්ඩලය මගින් හෙළ ආහාර සැකසුම් මධ්යස්ථානයක් බටගන්විල දී, (දංගෙදර බටහිර) 2023 සැප්තැම්බර් මස 20 වන දින විවෘත කිරීම සිදු විය.
ගාල්ල අතිරේක දිස්ත්රික් ලේකම්තුමිය මේ සඳහා සියලු සම්බන්ධිකරණ කටයුතු මෙහෙයවමින් ඊට අවශ්ය නිවැරදි නායකත්වය සැපයීම සිදු කරන ලදී.
ගාල්ල කඩවත්සතර ප්රාදේශීය ලේකම් ඉන්දික සමරකෝන් මැතිතුමා සහ සහකාර ප්රාදේශීය ලේකම් පසිඳු ලක්රුවන් මහතා මෙහි කටයුතු අධීක්ෂණය කරමින් සාර්ථක නිමැවුමක් ඇති කරන්නට අවශ්ය උපදෙස් හා මුල්ය ශක්තිය ලබා දීම සඳහා පුරෝගාමී විය.
වනිතා සංවර්ධන නිලධාරී කාංචනා මාපලගම මහත්මියගේ මගපෙන්වීම අනුව යමින් මෙම කටයුතු මැනවින් සංවිධානය හා මෙහෙයවීම සිදු විය...
Scroll To Top